116 views 0 secs 0 comments

රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

In Local News
March 10, 2024

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

එම මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.