සැප්තැම්බර් මස 12 වන දිනට යෙදුණු සිරකරු දිනය නිමිත්තෙන් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ හා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 417කුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබා දී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල වලට අනුව එම නිදහස ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
