171 views 0 secs 0 comments

මෙරට ජනගහණයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයක..

In Local News
September 13, 2022

ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට ජනගහනයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව අනාවරණය කර තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම හා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. වසර දෙකක බෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම නිසා මෙරට ආහාර නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටී ඇති අතර මෙම වසරේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන තුනක් දක්වා අඩු විය හැකි බවද අදාළ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.