Connect with us

Local News

මෙවර අයවැය කතාවේ යෝජනා

Published

on

අද දින බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලදී. මෙවර අයවැය මගින් දුම්වැටි මත අය කරන බද්ද වහාම පරිදි වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා. එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත. මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරනවා කරන අතර බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

එමෙන්ම රිය අනතුරුවලට ලක්වන රථ වාහනවලින් වන්දියක් අය කර ගැනීමට යෝජනා කෙරේ.
බැංකු හා මූල්‍ය ආයතනවලින් අයකරන බද්ද 15% සිට 18% ක් දක්වා වැඩි කිරීමට යොජනාව, මිලියන 2000 වඩා වැඩි ආදායම් ඉපයූ සමාගම් 62 කින් 25% ක බද්දක් අය කිරීමට තීරණය කිරීම.

රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරයි.

රූපවාහිනී හා ගුවන්විදුලි සංඛාත පැවරීම විවෘත වෙන්දේසියක් මඟින් සිදු කිරීමට යෝජනා කෙරේ

විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට යෝජනා.

2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ.
රබර් සඳහා හොඳ මිලක් නියම කිරීමටත් රබර් ආනයන තහනම් කිරීමට යෝජනා කෙරේ.
වෘත්තීය සමිති ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා කෙරේ.
ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත වරායක් ලෙස ද ගාලු වරාය සංචාරක වරායක් ලෙස ද හම්බන්තොට වරාය සේවා වරායක් ලෙස ද සංවර්ධනය කිරීමට යෝජනා කෙරේ.

කිරි නිෂ්පාදනය ඉහළ නංවා, දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විසර්ජන පනතින් වෙන් කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ

වතු නිවාස අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කිරීම.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්