142 views 0 secs 0 comments

ජනපති තංගල්ලේ සංචාරයක…

In Local News
February 17, 2024

දකුණු වෙරළ තීරයේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති තංගල්ල සහ ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලීය. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර එම කර්මාන්තයේ දියුණුව උදෙසා ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කළේය.