73 views 0 secs 0 comments

සිංහල අලුත් අවුරුදු සමයට සහන මිලට ආහාර පැකේජයක්….

In Local News
February 17, 2025

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ.

වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබාදීමට තීරණය කර ඇත.

අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරන බව අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම සලාකය ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබේ.