
අද (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු QRඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.
අමාත්‍යශය සඳහන් කරන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූ
වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ අනෙකුත් ක්‍රමවේද අද දිනයේ සිට වලංගු නොවන බවයි. ඕනෑම වාහනයකට QR කේතය ඉන්ධන පිරවුම්හලට පෙන්වා ඉන්ධන ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, තම වාහනයේ QR කේතයට අදාළව ඉතිරිව ඇති සතිපතා ඉන්ධන කෝටාව පමණක් එසේ ලබාගැනීමේ හැකියව පවතිනවා.