2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවූ අතර. එය 2027 වසර දක්වා අදියර තුනක් යටතේ මුලික වැටුපට එක් කෙරේ.
ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975කින් ඉහළ නැංවෙන අතර මෙතෙක් රාජ්‍ය සේවකයකුගේ වැටුපට එක් කර තිබූ රුපියල් 7,500ක දීමනාවද මෙම වසරේ අප්‍රෙල් මාසයේ සිට මූලික වැටුපට එක් කෙරේ.
