93 views 0 secs 0 comments

2025 සමස්ථ අයවැය විවාදය මාර්තු 21 දක්වා…

In Local News
February 17, 2025

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අද පෙ.ව. 10.30 ට පමණ අයවැය යෝජනා සමග ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සම්ප්‍රදායට අනුව වේත්‍රධාරීවරයා පෙරටුකොට ගනිමින් සභාගර්භයට පැමිණි අතර ප.ව. 1.15 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.

මේ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට (18) සිට පෙබරවාරි 25 දක්වා 22 වැනි සෙනසුරාදා ද ඇතුළුව දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

ඉන්පසු පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව. 6.00ට පැවැත්වේ.

මේ අනුව සමස්ත අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.