Connect with us

Local News

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වූ අධ්‍යාපන සුදුසුකම් යළි සංශෝධනය වේ.

Published

on

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර තිබේ.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සාමවිනිසුරු පත්වීමක් ලබාගැනීමේදී ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලෙස උසස් පෙළ විෂයන් 03ක් සමත්වී තිබිය යුතු බව නියම කර තිබිණි.

කෙසේවෙතත් එය සංශෝධනය කරමින් පසුගිය 13 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ සාමවිනිසුරු පත්වීමක් ලබා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර 02කට නොවැඩි ගණනකදී සම්මාන සාමාර්ථ 02ක් සහිතව විෂයන් 06ක් සමත්වී තිබිය යුතු බවය.

කෙසේවෙතත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ප්‍රජාව වෙත ආදර්ශවත් සේවාවක් සලසා සාමවිනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් යම්කිසි පුද්ගලයෙකු නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඔහු සාමවිනිසුරුවරයෙකු බවට පත්කළ හැකි බවද නව ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

සා.පෙලට සියල්ල සූදානම්..

Published

on

By

හෙටින් (17) ආරම්භ වන 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.
එමෙන්ම විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

Local News

අභියාචනාධිකරණයට පත් වූ නව විනිසුරුවරුන්…

Published

on

By

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුන් අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්‍හ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති අටහ්‍ර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

Local News

අමාත්‍ය නලින්ද ජයතිස්ස මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් කල ඉල්ලීම…

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසා වලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් අදාළ වෙද්‍යවරියගේ කිසිඳු ‍පෞද්ගලික තොරතුරක් කිසිඳු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් මෙම ඉල්ලිම කර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්