මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කර සිටියේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවත්, හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙසත් ය.
