104 views 0 secs 0 comments

ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක්..

In Local News
December 26, 2023

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 8728ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කර සිටියා.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 ක් වන අතර ඉන් රෝගීන් 38,986 ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ගත වූ කාල සීමාවේ ඩෙංගු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50කි.