
රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.