කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක අද (26) උදෑසන 8:30 පමණ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් අලෙවි සැලෙහි භාණ්ඩ සියල්ල විනාශ වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
