626 views 0 secs 0 comments

රට වසා දැමීමට තීරණයක් නහැ…

In Local News
February 15, 2021

මෙරට ස්ථාන කිහිපයකින් හමුව ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව රට වසා දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බවත්, ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බවත් රජය නිවේදනය කරනවා.

නව තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සමාලෝචනය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.