60 views 0 secs 0 comments

දේශබන්දුගේ චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම එළැඹෙන සතියේදී…

In Local News
April 13, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පත් කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයින් නම් කරන ලෙස කථානායකවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇත.

මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු පත් කළ යුතු අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ද සාමාජිකයෙකු වනු ඇත. තෙවැනි සාමාජිකයා වශයෙන් අගමැති සහ විපක්ෂ නායකයාගේ එකඟත්වයෙන් වෘත්තිකයෙකු නම් කලේය.

විමර්ශනයෙන් අනතුරුව කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම නිර්දේශ පදනම් කරගෙන පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.