Connect with us

Local News

ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන 73 වියෙහි පසු වුණා.

1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා, පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක වුණා.

1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමග ටෝනි හසන් මහතා හින්දි ගීත ගායනයට පිවිසි අතර එතැන් පටන් මෙරට රසිකයින් ටෝනි හසන් මහතාගේ හින්දි ගීත ඇසීමට වඩාත් ප්‍රිය කළේ ය.

ටෝනි හසන් මහතාගේ දේහය මහජන ගෞරවය දැක්වීමට සඳහා දෙමටගොඩ, මල්ලිකාරාම පාරේ පිහිටි එම මහතාගේ නිවසේ මේ වනවිට තැන්පත් කර ඇති අතර දේශය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ, මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කරන ලදී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා…

Published

on

By

පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙරවරු 9.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 සීඝ්‍රගාමී දුම්රියයි.

ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත අනෙකුත් දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බව දැනුම් දී ඇත.

එමෙන්ම පස්වරු 6.30ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියද පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දී ඇත.

අදාළ දුම්රිය තවමත් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැති බවයි වාර්තා වන්නේ.

Continue Reading

Local News

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 4,500 අධික පිරිසක් ස්ථිර කෙරේ….

Published

on

By

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමක් මත සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඒ අනුව නිලධාරීන් 4,530 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවත්, මේ හරහා විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කර හැකි වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව, මේ වනවිට කිලෝ මීටර් 5,000කට අධික ප්‍රමාණයක විදුලි වැට ව්‍යුහය ඉදිකර ඇති බවද ඔහු පැවසීය.

Continue Reading

Local News

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම් අද සිට…

Published

on

By

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා පහසුකම් අද (21) සිට ලබා දී ඇති බව වරාය, ගුවන්සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය, සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සහ මීරිගම අතර කොටසේදී කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කළ හැකිය.

මෙම පහසුකම අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ද්වාර 119ක් වෙත යොදා ඇත. වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන්ට අවශ්‍ය පුහුණුවද ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසයි.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුකුලව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල හරහා අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමේදී ඇතිවන මාර්ග තදබදය අඩු කිරීමත්, ගෙවීම් සඳහා ගතවන කාලය ඉතිරි කිරීමත් අපේක්ෂා කරයි.

Continue Reading

ප්‍රවණතාවන්