19 views 0 secs 0 comments

පළාත් පාලන සතිය අද සිට ආරම්භ වේ…

In Local News
September 15, 2025

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තියට අනුකූලව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද (15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා පැවසීය.

“පුනරුදයේ පුරවර” යන තේමාව යටතේ මෙය ලබන 21 දා දක්වා ක්‍රියාත්මක වන අතර, අද (15) දිනය ජංගම සේවා දිනය ලෙස නම් කර ඇත. හෙට (16) දිනය පරිසර සහ රුක් රෝපණ දිනය ලෙසද, සැප්තැම්බර් 17 සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසද නම් කර තිබේ.

ඊට අමතරව 18 දා ආදායම් ප්‍රවර්ධන දිනය, 19 දා සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය, 20 දා මහජන උපයෝගීතා දිනය ලෙස සනිටුහන් කර ඇති අතර අවසන් දිනය වන 21 දා සහතික පත්‍ර ප්‍රදානය හා සමාප්තිය සිදු කෙරේ.

අදාළ සතියේදී රජයේ ප්‍රධාන වැඩසටහන්වලට අදාළ මෙහෙයුම් රැසක්, විශේෂයෙන් කැලි කසල බැහැර කිරීමේ සහ ආයතනගත ගැටලු විසඳීමේ කටයුතු, ඩිජිටල්කරණය සම්බන්ධ වැඩපිළිවෙල සහ ජනතාවගේ දුප්පත්කම අවම කර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමේ ඉලක්කය යටතේ ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.