 
  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
1964 වසරේ ඉදිකර ඇති මෙම බස් නැවතුම්පොළ අවුරුදු 60කට පසු මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වීම විශේෂත්වයකි.
මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 424ක් වැය කිරීමට නියමිත වන අතර, නවීකරණය යටතේ නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති සහ අංග රැසක් ස්ථාපනය කිරීමට නියමිතය.

 
  
           
           
          