129 views 0 secs 0 comments

නිසි ක්‍රියමාර්ග නොගතහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණයක්…

In Local News
February 17, 2024

එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටියේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, පළාත් ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කර සිටියා.

මෙම හමුවේදී පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු ව තිබේ. ඊට අමතරව පාසල් ගොඩනැගිලි සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීම නවතා දැමීමට වෘත්තීය සමිති විසින් කළ ඉල්ලීම පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවදානය යොමු වූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළ හ.