ඖෂධ 350කට පාලන මිල — ගැසට් නිකුත් කිරීමට සැලසුම්…

In Local News
November 18, 2025

ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති අතර එය සදහා ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම ගැසට් මගින් ඖෂධ 350ක් සඳහා පාලන මිලක් තීණය කරන බවය. මේ සඳහා නියමයන් පනවා ඇති අතර, ඒවාට අනුගත නොවන අයෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

නව ගැසට් නිවේදනය යටතේ දැනට ලියාපදිංචි වූ සහ අනාගතයේ ලියාපදිංචියට යොදාගන්නා සියලුම ඖෂධවල මිල අඩුවන බව අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් හෙළි කළේය.

ඔහු පැවසූයේ, “මෙතැන් සිට ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධවල මිල අඩු වෙනවා. තව මාස කිහිපයක් ඇතුළත ලංකාවේ භාවිතා කරන බොහෝ ඖෂධ මෙම මිල සූත්‍රයට යටත් වනවා” යන්නය.

එ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද පවසා තිබේ, මේ වන විට ඖෂධ 350ක් සඳහා පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී තවත් ඖෂධ රැසක් ද මෙම පද්ධතියට ඇතුළත් කරන බවත්ය.