බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැටලීම් වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත සිදුකර ඇත.
එහිදී අදාළ වෙළෙඳුන් රතු බිත්තරයක් රුපියල් 50කට සහ සුදු බිත්තරයක් රුපියල් 48 කටත් අලෙවි කර තිබේ.
