
අද (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් හා කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය පළ කරමිනි.
ඒ අනුව “ලන්ඩනයට පන්දහසක්” යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.
මෙම උද්ඝෝෂණය අද (01) එංගලන්ත වේලාවෙන් සවස 2.00 ට පැවැත්විම නියමිතව ඇති අතර මේ සඳහා එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්වීමට නියමිතව තිබෙනවා.