
දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.
මේ හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන අතර එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටිනවා.