
ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්‍රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි. ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව ඇති බවයි.
ලබන මාසයේ සිට ඉදිරි වසර 02ක සඳහා ටෙන්ඩර් කැඳවීමක් හරහා මෙම නව ගෑස් සැපැයුම්කරුවා තෝරා පත්කර ගෙන තිබෙනවා.