736 views 0 secs 0 comments

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

In Local News, Politics
December 15, 2020

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.