183 views 0 secs 0 comments

අද සිට ක්‍රියාත්මක වන Park & Ride

In Local News
June 15, 2022

අද (15) සිට ඉන්ධන ගැටලූවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.

නිවසේ සිට පැමිණෙන ජනතාවට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද ප්‍රදේශවල ස්ථාපිත ආරක්ෂිත රථගාල්වල සිය රථ වාහන ගාල් කර සුඛෝපබෝගී බස්රථ මගින් කොළඹ නගරයට පැමිණිය හැකි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව උදෑසන 6.30 සිට 8.00 දක්වා මාකුඹුර, කඩවත සහ කටුබැද්ද යන ස්ථානවලින් බස් රථ ධාවනය වන අතර යළිත් පස්වරු 4.00 සිට 6.00 දක්වා කොළඹ සිට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද දක්වා බස් රථ පිටත් වන බවයි සඳහන් වන්නේ.

මේ අතර අද සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළා.