අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි.
රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
