Connect with us

Local News

වනඅලින් ඇතුළු වනජීවීන් දුම්රියේ ගැටීම් වලක්වා ගැනීමට AI විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර…

Published

on

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (ඇඓ) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලිඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම් දීමක් සිදුවන අතර මෙය පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත ය. මෙම උපාංගය සවිකර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත් දුම්රියන්හි සවි කිරීමට ද අපේක්ෂිත බවද වාර්තා වේ.

එමෙන් ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව තිබේ.

මේ අතර පරිසරවේදීන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා දුම්රිය අධිකාරියේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා දුම්රිය මාර්ගයේ සිල්බර අතර හිස්තැන් පිරිවීම පසුගියදා සිදු වූ අතර එය ගල්ඔය හංදිය – හිඟුරක්ගොඩ අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් ආරම්භ කර ඇත.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ශ්‍රී ලංකාව – බංග්ලාදේශය ටෙස්ට්: සිව්වන දිනය අවසන් වෙද්දී බංග්ලාදේශය ලකුණු 187ක ඉදිරියෙන්….

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේය.

මෙයට පෙර, දිනය ආරම්භ කල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් සමඟ සිටියේය. අවසන්ව, ඔවුන් සිය මුලු ලකුණු 485 දක්වා ඉහළ නංවා, සිය පළමු ඉනිම නිමා කළේය. මේ අතර අවසන් කඩුලු 4 ලකුණු 15ක් අතර දැවී ගියේ විශේෂත්වයක් වේ.

කමිඳු මෙන්ඩිස් 87ක් පුරවා ශ්‍රී ලංකා ඉනිමට දැඩි දායකත්වයක් ලබාදෙමින්, ටෙස්ට් ඉනිම් 22ක් තුළ 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීය. මෙය රෝයි ඩයස් 1980 දී ඉනිම් 23කින් පිහිටුවා තිබූ වාර්තාවක් අභිබවා යයි.

එමඟින් පළමු ඉනිමේදී ලකුණු 495ක් රැස් කළ බංග්ලාදේශය, දෙවන ඉනිමෙන් අනතුරුව ලකුණු 187ක නායකත්වයකි.

තරගයේ අවසන් (පස්වන) දිනය හෙට (21) දිනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

Local News

මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවට…

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2016 වසරේ පසුපසින් මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වන අතර, සංචාරය දී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිසම සමඟ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිතය.

මහ කොමසාරිස්වරයා මෙරට සංචාරය අතරතුර මහනුවරදී දළඳා මාළිගාවට පැමිණ පුදා ගන්නා අතර මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් හමුවීමටත්, යාපනය හා ත්‍රිකුණාමලය යන උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට පිවිස එහි ආණ්ඩුකාරවරුන් හා සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

Continue Reading

Local News

කල් ඉකුත් භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළඳසැල් තුනකට ලක්ෂ 6ක දඩ…

Published

on

By

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි.

අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 බැගින්, මුළු දඩ මුදල ලෙස රුපියල් ලක්ෂ 6ක් නියම කර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්