
වී අලෙවි මණ්ඩලය සතු සහල් තොග සතොස, සමුපකාර, සහ සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍ය අමරවීර මහතා පැවසුවේ, ඉහත කී ආයතන හරහා විකිණීමට ඇති සහල් තොග බෙදා හැරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි.