70 views 0 secs 0 comments

හැටන් වතු යායක ගින්නක්…

In Local News
March 03, 2025

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී තිබේ.