Connect with us

Local News

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්…

Published

on

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ඊයේ (03) දිනයේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියට අමතරව කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව අදාළ වාචික වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබේන අතර ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බව ද අවධාරණය කර තිබේ.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රජයේ පාර්ශවයෙන් ද වාචික වාර්තාවක් ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබූ අතර වත්මන් රජය ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා ගෙනයනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් එම වාර්තාව මඟින් දැනුවත් කර තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ශ්‍රී ලංකාව – බංග්ලාදේශය ටෙස්ට්: සිව්වන දිනය අවසන් වෙද්දී බංග්ලාදේශය ලකුණු 187ක ඉදිරියෙන්….

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටියේය.

මෙයට පෙර, දිනය ආරම්භ කල ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් සමඟ සිටියේය. අවසන්ව, ඔවුන් සිය මුලු ලකුණු 485 දක්වා ඉහළ නංවා, සිය පළමු ඉනිම නිමා කළේය. මේ අතර අවසන් කඩුලු 4 ලකුණු 15ක් අතර දැවී ගියේ විශේෂත්වයක් වේ.

කමිඳු මෙන්ඩිස් 87ක් පුරවා ශ්‍රී ලංකා ඉනිමට දැඩි දායකත්වයක් ලබාදෙමින්, ටෙස්ට් ඉනිම් 22ක් තුළ 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීය. මෙය රෝයි ඩයස් 1980 දී ඉනිම් 23කින් පිහිටුවා තිබූ වාර්තාවක් අභිබවා යයි.

එමඟින් පළමු ඉනිමේදී ලකුණු 495ක් රැස් කළ බංග්ලාදේශය, දෙවන ඉනිමෙන් අනතුරුව ලකුණු 187ක නායකත්වයකි.

තරගයේ අවසන් (පස්වන) දිනය හෙට (21) දිනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

Local News

මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවට…

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා, ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2016 වසරේ පසුපසින් මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වන අතර, සංචාරය දී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිසම සමඟ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිතය.

මහ කොමසාරිස්වරයා මෙරට සංචාරය අතරතුර මහනුවරදී දළඳා මාළිගාවට පැමිණ පුදා ගන්නා අතර මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් හමුවීමටත්, යාපනය හා ත්‍රිකුණාමලය යන උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට පිවිස එහි ආණ්ඩුකාරවරුන් හා සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

Continue Reading

Local News

කල් ඉකුත් භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළඳසැල් තුනකට ලක්ෂ 6ක දඩ…

Published

on

By

කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට රුපියල් ලක්ෂ 6ක දඩයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙම වෙළඳසැල්වල කල් ඉකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් නඩු පැවරූ බවයි.

අදාළ වෙළඳසැල්වල නියෝජිතයින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ශාඛාවකට රුපියල් ලක්ෂ 2 බැගින්, මුළු දඩ මුදල ලෙස රුපියල් ලක්ෂ 6ක් නියම කර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්