
අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ.
ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබීය.