65 views 0 secs 0 comments

තැපැල් ඡන්ද හිමියන්ට විශේෂ දැනුම් දීමක්…

In Local News
March 04, 2025

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලබන 12 වැනිදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙසද, තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනිමේ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවද, එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකියි.