
මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව මේ වනවිටත් ඓOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලමින් සිටින බවත් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.