211 views 0 secs 0 comments

ඉන්දියාවෙන් තවත් බිත්තර තොගයක් දිවයිනට…

In Local News
March 31, 2023

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.

මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31) ආරම්භ කළ අතර මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හරිය බවද එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ,

රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බවද එතුමා සඳහන් කර සිටියා.

මෙරට සමස්ත බිත්තර මිළ අඩු වනතෙක් සිය නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවත්, දැනට ආනයනය කරන බිත්තර සිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගම් සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.