
ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැනට නිකුත් කෙරෙන තාවකාලික රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණයට එළඹි බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.