ගෙවුණු පැය 24 තුළ ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිඳු අනතුරක් වාර්තා වී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හෙට (24) එලාට් නගරය වෙත ගොස්, ටබා දේශසීමාව හරහා කයිරෝ හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
ඊට අමතරව තවත් පුද්ගලයන් 12ක් ද මෙරටට පැමිණීම සදහා සූදානම් වන අතර ඔවුන් ඉදිරි දිනවල ශ්‍රී ලංකාවට පිටත්වනු ඇත.
එමෙන්ම, ජෝර්දානයේ අම්මාන් සිට නවදිල්ලි දක්වා ඉන්දියාවේ රජය ක්‍රියාත්මක කරන ගුවන් යානා සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකිකයින්ට ආසන ලබාදිය හැකි බව එරට ඉන්දීය තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර, එම ගමන්වාර සඳහා විදේශ අමාත්‍යාංශ අනුමැතියද ලබාදී ඇත.
අද සහ හෙට දිනයේදී එම ගමන් තහවුරු කර ගැනීම සඳහා සම්පත් ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලයේදී ලියාපදිංචි වීමට නියමිතය.
