හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පසුගිය දිනවලදී විශ්‍රාම ගිය මහින්ද සිරිවර්ධන මහතාගේ පිටවීමෙන් පසු මෙම පත්කිරීම සිදු වූ බවයි.
මහින්ද සිරිවර්ධන මහතා ඉදිරි දිනවලදී ආසියානු සංවර්ධන බැංකුවේ (ඇඪ්ඹ්) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.
ආචාර්ය සූරියප්පෙරුම මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද, වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයට පත්වීම සඳහා ඔහු පසුගිය සතියේදී තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
