Connect with us

world-news

ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු අඟවීමක්…

Published

on

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස දැඩි ප්‍රතිචාරයක් ලබාදීමට ඉරානය තීරණය කර ඇති බව එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේය.

IRGC ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි සඳහන් කළේ, “එක්සත් ජනපදය සෘජුවම යුද්ධයකට අවතීර්ණ වී ඇත. ඔවුන් ඉරානයේ පූජනීය භූමිය උල්ලංඝනය කර ඇත” යන්නයි.

ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ, ඉදිරියේදී බලවත් සහ ඉලක්කගත ප්‍රතික්‍රියාක් ලබාදෙන බවත්, එක්සත් ජනපදය එම ක‍්‍රියාවලින් බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණදිය හැකි බවයි.

“ට්‍රම්ප් යනු සූදුකාරයෙකු” යැයි ද ඔහු කියා සිටියේ, ඔහුට යුද්ධය ආරම්භ කළ හැකි වුවද එය අවසන් කරනුයේ ඉරානය බව පවසමිනි.

IRGC යනු වසර 40කට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවූ බලකයක් වන අතර, එය දැන් ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලනික සහ ආර්ථික බලවේගයක් බවට පත්වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ IRGC සතුව ක්‍රියාකාරී සාමාජිකයින් 190,000 කට අධික පිරිසක් සිටින බවත්, විදේශ මෙහෙයුම් සඳහා කුඩ්ස් බලකාය හරහා ඔවුන් මිත්‍ර රටවලට සහ සන්නද්ධ කණ්ඩායම්වලට අත්යවශ්‍ය සහාය ලබා දෙන බවයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

world-news

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් දැවැන්ත විනාශ…

Published

on

By

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත.

බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

කිලෝමීටර් 8ක ගැඹුරකින් ඇතිවූ මෙම භූකම්පනයෙන් කාබුල් සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය ද සෙලවී ගොස් තිබුණි.

ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් මේ වන විට සහන සලසා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල්ද ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන්නේ එරට ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථානයක පිහිටා ඇති බැවිනි. 2023 සහ 2022 වසරවලද එරට සිදු වූ භූකම්පනවලින් දහස් ගණන් මරණ සහ තුවාල වාර්තා වී තිබුණි.

Continue Reading

ප්‍රවණතාවන්