
ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස ඡන්ද 577,777ක් ලබා ගනිමින් දෞපදි මුර්මු තේරී පත් විය. මෙම ඡන්ද ප්‍රමාණය මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි අගයක් වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30කදී පැවැත් වූ අතර ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි.
හිටපු ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධූර කාලය අවසන් වී දිනකට පසු එනම් ජූලි 25 වැනි දා දෞපදි මුර්මු ඉන්දීය ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.