226 views 0 secs 0 comments

පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ අසුන…

In Local News, Politics
July 21, 2022

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඔහු මෙරට ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගැනීම හේතුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම අද (21) සිට බලපැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ ලිපියක් මගින් තමා වෙත දන්වා ඇති බවද මහලේකම්වරයා සඳහන් කර තිබෙන අතර ඉදිරියේදී මෙම හිස්වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි.