Connect with us

Local News

ගාලු මුවදොර අරගලකරුවන්ට ප්‍රහාරයක්..

Published

on

ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින ජනතාවට ඊයේ (21) රාත්‍රීයේ විශේෂ කාර්ය බලකා සෙබලු හා ආරක්ෂක අංශ යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල වූ බව අරගලය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා. අද (22) දිනයේ දහවල් 2.00 ට අරගල භූමියෙන් නිල වශයෙන් ඉවත් වන බව දැනුම්දී තිබියදී මෙම ප්‍රහාරය එල්ල කළ බවයි අරගලයේ නිරතව සිටින ජනතාව චෝදනා කර සිටියා.

ප්‍රහාරයෙන් අරගලයේ නිරතව සිටි රැසක් තුවාල ලබා ඇති අතර, ගෝල්ෆේස් අරගල භූමියේ හා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තිබූ ඔවුන්ගේ බඩු බාහිරාදිය රැසකට අලාභහානි සිදුව ඇති බවත්, නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිටින ස්ථානයද දැනුවත් කළ යුතු බවද, ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

එසේම තමන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ අතර යුද හමුදාපතිවරයාට පණිවුඩයක් යවා මේ පිළිබඳව දැනුවත් කළ බවත්, අනවශ්‍ය ලෙස බලය යොදා ගැනීමෙන් මෙරට පිළිබඳව ජාත්‍යාන්තරය තුළ ඇති ප්‍රතිරූපය වර්ධනය නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

තද වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි…

Published

on

By

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Local News

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

Published

on

By

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.

Continue Reading

ප්‍රවණතාවන්