277 views 0 secs 0 comments

වැඩි මිලට ලිට්‍රො ගෑස් අලෙවි කරන්නන් ගැන දැනුවත් කරන්න..

In Local News
April 02, 2022

ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්‍රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

12.5 සිලින්ඩරයක මිල රු. 2675 වන අතර මෙම ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටියා.

වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන අලෙවිකරුවන් වේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලීසියට, පාරිභෝගික අධිකාරියට හෝ ලිට්‍රෝ සමාගමේ 1311 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලිට්‍රෝ සමාගම වෙත දැනුම් දෙන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටියා.