
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ රජයට රට පාලනය කිරීමට මෙන්ම බඩු මිල පාලනය කළ නොහැකි බව ඔප්පු කර ඇති බවයි. තව දුරටත් ඔහු කියා සිටියේ ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීම තුළින් ව්‍යාපාරිකයන්ට තමාට අවශ්‍ය පරිදි භාණ්ඩ මිල ඉහළ දැමීමට පාර කපන බවත් එමගින් ජනතාවට තවත් බරක් පටවන බවත්ය.
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජනතාවට
භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටීමට සිදු වී ඇති බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.