
වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 බැගින් රජය විසින් මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කලේ ගොවීන් අද උද්ඝෝෂණවල නියැලෙමින් මගේ අනුරූ පුළුස්සනවා. ඔවුන් සැබෑ ගොවීන් නොවන බව මගේ විශ්වාසයයි. වී කිලෝවක් රුපියල් 80ට මිලදී ගත්තේ වත්මන් රජය බව ඔවුන්ට අමතක වී ඇත. ගොවීන්ගේ අස්වැන්නට හානියක් සිදුවුවහොත් රජය වන්දි ගෙවීමට සූදානම් බැවින් කාබනික පොහොර යොදා වගා කිරීමට ඉදිරියට යන ලෙස අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිමු.