
සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමේදී අමතර භාණ්ඩ 5ක් මිලට ගැනිම අනිවාර්ය කර ඇත. සීනි සහ සහල් මිලට ගැනිමේදී අමතර භාණ්ඩ 5ක් මිළදී ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
මෙවැනි තීරණයක් ගැනීමට හේතුව ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සතොස මගින් ලැබෙන සහනය අනවශ්‍ය අයුරින් යොදා ගන්නා ජාවාරම්කාර වෙළදුන් නිසා බවයි.
නමුත් මෙම තීරණය නීති වීරෝධී බවත් පාරිභෝගික ආරක්ෂා පනත උල්ලංඝනය කිරීමක් බවත් අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනපති නීතිඥ යු.ආර් ද සිල්වා පෙන්වා දී තිබේ.