
සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් මල්ලක බහා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 42 හැවිරිදි පාතිමා මුන්ටාස් නමැති දෙදරු මවගේ බව හඳුනා ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ සිරුර ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති බවයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පසුගිය 28 වැනිදා තම බිරිඳ අතුරුදන්ව ඇති බවට බ්ලුමැන්ඩල් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණ.
පොලීසිය පවසන්නේ ඇය තවත් කාන්තාවක සමග සමග ත්‍රිරෝද රථයක නැග ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
කාන්තාව ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.