Connect with us

Local News

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්…

Published

on

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

එමෙන්ම බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඉන්දීය විදේශ කටයුතු ඇමති හා හිටපු ජනපති අතර විශේෂ හමුවක්..

Published

on

By

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ජාවක නිරත විය.

සිය ධූරකාලයක තුළදී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කලා.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම හමුව කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී පැවැත්විණි.

Continue Reading

Local News

ජනපති හා ඇමරිකානු තානාපතිනි අතර හමුවක්..

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් වන අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියා.

Continue Reading

Local News

බස්ගාස්තු සංශෝධනයක්….

Published

on

By

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් kara කර සිටි අතර මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වේ.

Continue Reading

ප්‍රවණතාවන්