166 views 0 secs 0 comments

අපොස සා පෙළ සිසුන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන සතියේ සිට…

In Local News
April 17, 2024

ලබන සතියේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.